දේශීය

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වනවා

(UTV | කොළඹ) – 2021 ඔක්තෝබර් 07 වෙනි දින, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම්-2021 ට අදාළව පැවති උත්සවයකදී, පාකිස්තාන වැඩ බලන මහ කොමසාරිස්, තන්වීර් අහමඩ් මහතා විසින් පරිගණක 60 ක්, ක්‍රීඩා භාණ්ඩ සහ පාසල් පොත් බෑග්, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ පාසල් සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා වෙත පිරිනැමීය.

උත්සව සභාව ඇමතූ වැඩබලන මහ කොමසාරිස්වරයා “පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවය අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය මත පදනම් වී ඇති බවත්, දෙරටේ සබඳතා කිසිදු බාධාවකින් තොරව ස්වාධීන ලෙස ක්‍රියාත්මක වන බවත් පැවසීය.

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවත් කොවිඩ් 19 වසංගත කාලයේදී පාකිස්තාන රජය විසින් පරිත්‍යාග කරන ලද පරිගණක සහ ක්‍රීඩා උපකරණ සුදුසුකම් ලත් සිසුන්ට මහත් ප්‍රයෝජනයක් වනු ඇති බවත් තම විශ්වාස කරන බව ඔහු තවතුරටත් කියා සිටියේය.

පරිගණක සහ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා වැඩබලන මහකොමසාරිස්වරයාට සහ පාකිස්තානු රජයට තම ස්තූතිය පුද කළේය.

********************

කොළඹ
11-10-2021

Related posts

ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදය අද

Editor O

ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබාදෙන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment