දේශීය

රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ ගත් තීරණය

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය විසින් ඔවුන්ගේ නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මේ මස 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර තිබේ.

ඔවුන් විසින් එම පෙත්සම් ඉදිරිපත්කර ඇත්තේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

එම පෙත්සම අද (12) විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම්වලට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 15 වනදා කැඳවන ලෙසය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බව පවසමින් තමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රදවාතබා මේ වනවිට තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවය.

තමන් එම අපරාධයට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් එබැවින් තමන්ව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

අයවැයට අනුව මත්පැන් බදු ගණන් ඉහළට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ඉදිරි දින 10 තීරණාත්මකයි

Mohamed Dilsad

Leave a Comment