දේශීය

ගුරු – විදුහල්පති වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – සාකච්ඡාවකින් අනතුරුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති මාර්ගගත වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති 31ක් සහභාගි වුණා.

මේ අතර,වැටුප් ගැටලුව මුල් කර ගනිමින් මාස 3කට අධික කාලයක් ඔන්ලයින් පන්ති වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඊයේ දහවල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එහිදී වැටුප් විෂමතාව අදියර දෙකකින් මුළුමනින්ම විසදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබෙනවා.

වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුව යෝජනා කළ විසදුමට අනුව විෂමතා දුරලීම සදහා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ලබාදීමටත්, ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේදී එකවර ලබාදීමටත් රජයේ පාර්ශවයේ අවසන් විසඳුම ලෙස යෝජනා කර තිබුණා.

එහෙත් වෘත්තීය සමිති ඉල්ලා ඇත්තේ, එකවර එම විෂමතාව දුරලීමට පියවර ගන්නා ලෙසටයි.

කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය හමුවේ ඊට එකවර විසදුම් ලබාදිය නොහැකි බව රජයේ පාර්ශවයෙන් දැනුම් දී තිබෙනවා.

Related posts

බස්රථවල ගමන් කරන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Editor O

විදුලි කප්පාදු නව කාලසටහන

Mohamed Dilsad

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment