දේශීය

අසාද් සාලි ලබන 25 වන දින අධිකරණයට

(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අද නියම කලා.

ඒ තමන් මුදා හරින ලෙස ඉල්ලමින් අසාද් සාලි මහතා ගොණු කර ඇති මෝසම අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය මාර්තු 09 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශයකින් ආගම් අතර මතභේද ඇතිවිය හැකි බව දක්වමිනුයි නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ චෝදනා ගොණු කර ඇත්තේ.

Related posts

බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක්

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්

Mohamed Dilsad

රනිල්ට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ තනතුරු අහිමි කරාවිද

Editor O

Leave a Comment