දේශීය

“ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාව

(UTV | කොළඹ) – පාකිස්තාන වෙළඳ සංවර්ධන අධිකාරිය (TDAP) සමඟ එක්ව කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් 2021 ඔක්තෝම්බර් 12 වන දින “ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳව වෙබ්නාර් (අන්තර්ජාල සාකච්ඡාවක්) සංවිධානය කළේය.

මෙම අන්තර්ජාල සාකච්ඡාවේ අරමුණ වන්නේ, පාකිස්තාන බෞද්ධ උරුමයන් ශ්‍රී ලංකාවේ ප්‍රවර්‍ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු බෞද්ධ සංචාරක ව්‍යාපාරයේ විභවයන් ගවේෂණය කිරීම සඳහා දෙපාර්ශවයේම සංචාරක නියෝජිතයින්ට සහ ප්‍රධාන පාර්ශවකරුවන්ට අවස්ථාවක් සැපයීමයි.

පාකිස්ථානයේ පොහොසත් ගන්ධාර උරුමයන් තුළ බෞද්ධ හා ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්‍ධනය කිරීමට පාකිස්තාන රජය ගන්නා උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තානු මහකොමසාරිස් තන්වීර් අහමඩ් මහතා සඳහන් කළ අතර පාකිස්ථානයේ බෞද්ධ සංචාරක ව්‍යාපාරය, විශේෂයෙන් බෞද්ධ උරුමයන් ප්‍රවර්‍ධනය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය දරන උත්සාහය පිළිබඳවත්, විශේෂයෙන් පාකිස්තානයේ බෞද්ධ උරුමයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිෂ්පාදනය කල වාර්තා චිත්‍රපටයක් පිළිබඳවද සඳහන් කළේය.

මෙම වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් ළඟදීම එළිදක්වන බව ද ඔහු පැවසීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සහ පොදුවේ ලොව පුරා බෞද්ධයින්ගේ ආගමික සංචාරක ව්‍යාපාරය සඳහා මෙම වාර්තා චිත්‍රපටය මහත් ආශ්වාදජනක බව අපේක්‍ෂා කෙරේ.

කොළඹ ගංගාරාමය විහාරස්ථානයේ ප්‍රධාන පූජක ආචාර්ය කිරින්දේ අසාජි හිමියන් අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්‍ධනය කිරීම ඉතා අගය කරන බවත් මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සිට ඉහළ පෙළේ බෞද්ධ පූජක දූත පිරිසක් පාකිස්ථානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඔහුගේ අමතක නොවන සංචාරක අත්දැකීමද ඔහු සිහිපත් කළේය.

පාකිස්තාන රජය බෞද්ධ උරුමයන් රැක ගැනීම සඳහා දරන උත්සාහය ද පෙන්වා දුන් ඔහු, පාකිස්තානය ශ්‍රී ලංකාවේ බෞද්ධ සංචාරකයින් සඳහා නවීන, අද්විතීය ගමනාන්තයක් බවද සඳහන් කළේය.

පාකිස්තාන වෙළඳ හා ආයෝජන උපදේශක අස්මා කමල් මහත්මිය ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරයේ විභවය පිළිබඳ විශ්ලේෂණ වාර්‍තාවක් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ බෞද්ධ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවනතාව පැහැදිලි කළ අතර දෙරට අතර වෙළෙඳ සබඳතා ප්‍රවර්‍ධනය කරමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක දියුණු කිරීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාවලිය සම්බන්ධව සහභාගීවන්නන් දැනුවත් කළාය.

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සංවිධාන වලින් සහභාගිවන්නන් 65 කට වැඩි පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා සංචාරක නියෝජිත සංගමය (TAASL), ශ්‍රී ලංකා ගුවන් සේවා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), පාකිස්තානු සංචාරක සංවර්ධන සංස්ථාව (PTDC), පාකිස්තාන සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (PATO), පාකිස්තානයේ සංචාරක නියෝජිත සංගමය (TAAP) ඇතුළු සංචාරක සමාගම් කිහිපයක් ඊට සහභාගී වූහ.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඉහළ විභව වෙළෙඳ හා ආයෝඡන අංශ කෙරෙහි අවධානය යොමු කරන අන්තර්ජාල සාකච්ඡා මාලාවේ කොටසක් ලෙස පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් මෙම වෙබ්නාර් (අන්තර්ජාල සාකච්ඡාව) සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

Related posts

මැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක මහ බැංකුවට අදාළ කාරණයක් නෙවෙයි – මහ බැංකු අධිපති

Mohamed Dilsad

කොරෝනා රෝගියකු නිසා කොල්ලුපිටියේ බැංකුවක් වසයි

Mohamed Dilsad

ධීවර කර්මාන්තයට හා පාරිභෝගිකයාට සාධාරණය ඉටු කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment