දේශීය

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

(UTV | කොළඹ) – අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා.

ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්.

කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඊයේ දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි පස් වැනි දා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

සිව් වැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් උන්වහන්සේට වෙන් කෙරුණේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වූ මුල් පෙළ අසුනක්.

Related posts

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

ගාල්ල බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන 30ක් හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment