දේශීය

ධීවරයන් මුහුදේ විරෝධතාවක

(UTV |  මුලතිව්) – ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය බිම් ආක්‍රමණය කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරමින් උතුරු නැගෙනහිර ධීවරයන් අද (17) විරෝධතාවක නිරත වනවා.

මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයේ කළුකොඩි වලින් සැරසූ බෝට්ටුවල නැගී විරෝධතා පුවරු ද රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් පතුල සහිත ටෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමෙන් මෙරට මත්ස්‍ය සම්පත විනාශයට පත් වන බවට උතුරු නැගෙනහිර ධීවරයන් දිගින් දිගටම විරෝධතාව පළ කළා.

 

Related posts

වතු කම්කරු පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ගම්පහට ජල කප්පාදුවක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

Leave a Comment