දේශීයව්‍යාපාරික

මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී

(UTV | කොළඹ) – මෙරටට ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත මෙම ණය මුදල ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරුන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මසක ඉන්ධන වියදම ලෙස ඩොලර් මිලියන 350ක් පමණ වන අතර මෙම මුදලින් මාස එකහමාරකට පමණ ඉන්ධන මිලදී ගැනීමට හැකිය.

Related posts

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45 ක පාඩුවක්

Mohamed Dilsad

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට තවත් දෙදෙනෙක් අත්ඩංගුවට

Mohamed Dilsad

Leave a Comment