(UTV | කොළඹ) – ලබන 21 සහ 22 යන දෙදින සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කළ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
අද රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.
කොළඹ පිහිටි ගුරු මැදුරේදී මීට අදාළ සාකච්ඡාව අද (18) පෙරවරුවේ පැවැත් වුණා.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++ UPDATE @11.00 am
ඉතිහාසය පුරාම අරගල මර්දනය කිරීමට ගෙන ආ බාල උපක්‍රම පරාජයට පත් කළ නිසා කුමන උපක්‍රමයක් ගෙන ආවද ගුරු – විදුහල්පතිවරුන් 21 වන දා සේවයට වාර්තා නොකරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ළමයින් 200ට අඩු 1-5 ශ්‍රේණිය දක්වා පාසල් 3,000ක් පවතින නිසා තමන් දන්නා අයුරින් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ උපාධිධාරීන් එක් පාසලකට පස් දෙනා බැගින් යොමු කොට ඇතැයි ද හෙතෙම පවසයි.
තම අරගලය කඩාකප්පල් කිරීමට බාල උපක්‍රම ගෙන ආවද ඒවාට තමන් නොසැලෙන බවද අද (ඔක්. 18) ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද ජෝසෆ් ස්ටාලින් පවසයි.
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන 30ක් ප්‍රමාණවත් වුව ද අරගලය කඩාකප්පල් කිරීම මුවාවෙන් සිදුකරන ක්‍රියා හේතුවෙන් රුපියල් මිලියන ගණනින් වියදම් වන බව ද හෙතෙම අවධාරණය කරයි. මෙවන් බාල උපක්‍රම හරහා අරගලය කඩාකප්පල් වෙනවා වෙනුවට අරගලය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව මතක තබා ගත යුතු බවත් ඔහු පවසයි.