දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළා.

ඊයේ පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 398 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් 405 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයට අගමැතිගේ ප්‍රසාදය

Mohamed Dilsad

යුගදනවි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment