දේශීය

ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින්ට තහනම්

(UTV | කොළඹ) – වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින් සඳහා තහනම් කර තිබෙනවා.

ඒ, පසුගිය දා එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා එම ඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟයි.

පසුගිය කාලය තුළදී පමණක් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම කරුණු සැලකිල්ලට ගනිමිනුයි වැල්ලවාය පරිසර කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පසු ඇල්ලවල දිය ඇල්ල යළිත් සංචාරකයින් සඳහා විවෘත කරන බවයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක සඳහන් කළේ.

Related posts

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් කෝටි 6 ක දේපළ හානියක්

Mohamed Dilsad

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment