ව්‍යාපාරික

අන්ධ කාන්තාවන් පමණක් සේවයේ නියුතු ඇඟලුම් කම්හලක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වැලිසර නගරයට ආසන්න කුඩා ඇඟලුම් කම්හලක් ඇති අතර එහි විශේෂත්වය් වන්නේ අන්ධ කාන්තාවන් පමනක් සේවයේ නියැලීමයි.

ඔවුන් සියලු දෙනා රටේ බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි අය වේ.

කම්හලේ සිටින එකම අන්ධ නොවන තැනැත්තිය ආයතනයේ භාරකාරිය වන ෂමීන් ෆලල්ඩීන් මහත්මිය සමාජ සේවයක් කිරීමට ඇති ආශාව මත ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

ආරම්භයේදි අන්ධ කාන්තාවන් හට මහන මැෂිම සදහා අවශ්‍ය පුහුණුව ලබාදීම ෆලල්ඩීන් මහත්මියට මහත් අභියෝගයක් වූ බවට ඇය සඳහන් කරනවා. කෙසේනමුත් අද වන විට පෙනෙන මිනිසුන්ට පවා අභියෝගාත්මක ලෙස සංකීර්ණ නිර්මාණ මැසීමේ දක්ෂ කාන්තාවන්ගේ බිහිකිරීමට ඇය සමත් වී ඇත.

කම්හලේ අන්ධ කාන්තාවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔවුන්ගේ පවුලේ ආදායම ඉහළ නැංවීමට අමතරව කිසිවෙකුට බරක් නොවී තම කුසලතා වර්ධනය කර ගනිමින් ජීවත් වීම සමාජයට වටිනා පාඩමක් කියා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අපනයන හා දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතියෙන් ඉහළ ප්‍රතිශතයක් නියෝජනය කරයි.

ෆලල්ඩීන් මහත්මිය පවසන පරිදි, “ආයතනය 2019 දී ආරම්භ කළ අතර, ඒ වන විට අන්ධ කාන්තාවන්ට මහන මැෂිම භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ නමුත්, කාලය හා පුහුණුව සමඟ, ඔවුන් සියල්ලන්ම දක්ෂ මැහුම් ශිල්පීන් බවට පත් වූ අතර, පුද්ගලයින් හට ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය සහාය ලබා දීමේන් ඔවුන් සාර්ථක වන බව,” තමන් විසින් අත්දුටු බවත් ඇය පැවසීය.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

පිටි කවළම් කළ කහ කුඩු වෙළෙඳ පොළට

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යයි

Mohamed Dilsad

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

Leave a Comment