දේශීය

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

(UTV | කොළඹ) – ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පස්වරුවේ සෙසු වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඊයේ පස්වරුවේ පැවති එම සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලය, වරාය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය යන ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයින්ද එක්ව සිටියා.

Related posts

වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

Mohamed Dilsad

කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා

Mohamed Dilsad

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

Leave a Comment