දේශීය

මාලදිවයින් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් දිවයිනට

(UTV | කොළඹ) – මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් මාලදිවයින මාලේ නුවර සිට අද උදෑසන 09.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරය හෙට දින නිම කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය කොළඹ තුරග තරග පිටියේ දී අද ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහායි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා දිවයිනට පැමිණ ඇත්තේ.

Related posts

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

මූල්‍ය වංචාවකට පුද්ගලයකු අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

Leave a Comment