දේශීය

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.00ට විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අද දිනයේ අවස්ථාව වෙන් කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40ක් සඳහා අද අවස්ථාව ලබාදී ඇති අතර වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ගතවූ පැය 24 ට මෙරට කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

Mohamed Dilsad

තවත් ඝාතනයක්

Mohamed Dilsad

ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන ගුවන්තොටුපොළට ආ අමුත්තා

Mohamed Dilsad

Leave a Comment