දේශීයව්‍යාපාරික

ඩොලර් රුපියල් කිරීමේ නව නීතියෙන් ප්‍රේෂණවලට බලපෑමක් නැහැ – මහබැංකු

(UTV | කොළඹ) – අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද නව නීති රටට ප්‍රතිඵල රැසක් අත් කර දෙන බව මහබැංකුව පවසනවා.

එමෙන්ම, එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවන ප්‍රේෂණ සඳහා බලපෑමක් ඇති නොකරන බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මෙරට භාණ්ඩ හා සේවා අපනයනකරුවන් සඳහා බලපවත්වන පරිදි පසුගිය ඔක්තෝම්බර් 29 වන දා නිකුත් කෙරුණු නව නීතියට අනුව අපනයන ආදායමේ ශේෂය එළඹෙන මාසයේ 7 වන දිනට පෙර රුපියල්වලට හුවමාරු කළ යුතුයි.

කෙසේ නමුත් මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාතිකය වන රුපියල් 203කට සිය ඩොලර් හුවමාරු කිරීමට අපනයනකරුවන් මැලිකමක් දක්වන බව සඳහන්.

එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද සිය ප්‍රේෂණ වෙනත් අතකට යොමු කිරීමේ හැකියාවක් පවතින බවට විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

කෙසේ නමුත් මහබැංකුව පෙන්වා දෙන්නේ මෙලෙස විදේශ විනිමය දේශීය මුදලට හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් අසල්වැසි රටවල ද ක්‍රියාත්මක වන බවයි.

කොරෝනා වසංගතයේ බලපෑමෙන් මෙරට සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට එල්ල වී ඇත්තේ බරපතල බලපෑමක්.

විදේශ විනිමය සංචිතය පහත වැටීම ද එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකියි.

මේ නිසා බාහිරව විදේශ මුදල් ලබා ගැනීමට මෙරට විදේශ විනිමය ආදායම් මත යැපීම ඉහළ නැංවිය යුතු බවයි මහබැංකුව අවධාරණය කළේ.

Related posts

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රැකියා බලපත්‍ර ලබාදීම බහරේනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment