විදෙස්

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

(UTV |  ජපානය) – ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ මහතා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම් වෙයි.

ඉකුත් මාසයේ පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළේය.

අද පස්වරුවේ කැදවිමට නියමිත විශේෂ සභාවාරයේදි එරට පාර්ලිමේන්තුව කිෂිඩා මහතා අගමැතිවරයා ලෙස නම් කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදේශ අමාත්‍යවරයා හැර පලමු කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් නැවත පත් කිරිමට මෙහිදි සැලසුම් කර තිබේ.

ජපාන අගමැති කිෂිඩා මහතා කොරෝනා වෛරසය මැැඩ පැවැත්විමට රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ලබන සිකුරාදා අදහස් දැක්වීමට නියමිතයි.

Related posts

ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුට

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment