දේශීය

තෙවැනි පාර්ශ්වය චීන පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව ඔප්පු වෙයි

(UTV | කොළඹ) – මතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි.

මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශ්විය ආයතනයක් වෙයි.

මෙම පොහොර පිළිබඳව ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවාව කළ පරීක්ෂණවලදී එහි අහිතකර බැක්ටීරියා ඇති බවට හෙළිවිය.

chutter Global Inspection and Survey ආයතනයේ පරීක්ෂණ වාර්තාව පවසන්නේ චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු හානිකර බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බවයි.

Related posts

තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර දිසානායක

Editor O

මහරගමදී හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටු

Mohamed Dilsad

මෙරටින් නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයා ගැනෙයි

Mohamed Dilsad

Leave a Comment