දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

ඊට අමතරව කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.

Related posts

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ෆයිසර් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළට

Mohamed Dilsad

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Editor O

Leave a Comment