දේශීය

මුතුරාජවෙල ගැටලූව විසඳීමට කමිටුවක්

(UTV | කොළඹ) – මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලූව සඳහා විසඳුම් සෙවීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් ඒ සඳහා පත්කර ඇති බවයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර තිබෙනවා.

මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් නිකුත් කල ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්ය භාරයයි.

Related posts

බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

දෛනික ආසාදිතයන් වැඩිම යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

කහ කිලෝ 1110 ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment