දේශීය

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

(UTV | කොළඹ) – අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවත් මංගල උත්සව, පින්කම් ඇතුළු මහජන ඒකරාශි වීම් රැසක් එම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහජන ඒකරාශි වීම් හැකිතරම් මඟ හරින ලෙස කෙතරම් උපදෙස් ලබා දුන්නද බොහෝ දෙනා එම උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙනී යන බවත් ඒ මහතා කීවේය.

Related posts

ප්‍රදේශ රැසක නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක්

Mohamed Dilsad

හදිසිම අවශ්‍යතා තියෙන අය විතරක් විදේශ ගමන් බලපත්‍ර ගන්න එන්න. – ඇමති විජිත

Editor O

නව ලංකා නිදහස් පක්ෂයේ සහය සමගි ජනබලවේගයට

Mohamed Dilsad

Leave a Comment