දේශීය

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාර දී තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින්නේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මංජු ලලිත් වර්ණකුමාරයි.

Related posts

පාසල්වල 10 – 13 දක්වා පන්ති හෙට ඇරඹේ

Mohamed Dilsad

මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍යට ඇබ්බැහි ද? | මෙන්න ක්ෂණික විසඳුමක්

Mohamed Dilsad

Leave a Comment