ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක විශිෂ්ට ජයක්

(UTV | කොළඹ) – පැවැත්වෙන සෝබර්ස් තිසේරා කුසලාන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අත්කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 187කින් පරාජය කරමින්.

ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවෙනි ඉනිමේ ආරම්භය අතිශය විනාශකාරී එකක් වුණා.

ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය හමුවේ දණින් වැටුනු කොදෙව්වන්ගේ පළමු කඩුලු 6ම මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වන විට තමන්ගේ පැසට දාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඊයේ දිනය තුළ දී දඟ පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය ඊයෙ බිඳ වැටුණු අනෙක් කඩුලු 2ට වග කිව්වා.

කෙසේ වෙතත් කඩුලු 6කට ලකුණු 18ක් පමණක් රැස්කරගෙන අසරණභාවයේ පතුලට වැටී සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නැවත ගොඩ ගැනීමට සිදු වූයේ පළමු ඉනිමේ ආකාරයටම පසුපෙළ පිතිකරුවන්ටයි.

කඩුල්ලේ රැඳී සිටි නිරුක්මාන් බොනර් සමග එක් වූ ජොෂුවා ද සිල්වා දණින් වැටී සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ක්‍රමයෙන් ඔසවන්නට පටන් ගත්තා.

ඉතා සංයමයෙන් තෝරා බේරා ගත් පන්දුවලට පමණක් පහර දෙමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දිගින් දිගටම වෙහෙසට පත් කළ මේ පිතිකරුවන් දෙදෙනා හත් වෙනි කඩුල්ල සඳහා ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා.

එය තරගයේ අවසන් දිනයේ උදය වරුවේදී බිඳ දැමුවේ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය.

ඒ ජොෂුවා ද සිල්වා ලකුණු 54 කට දවා ගනිමින්.

ජොෂුවා මෙම ලකුණු 54 ලබා ලබා ගැනීම සඳහා පන්දු 129ට මුහුණ දී තිබුණු අතර ඉන් පන්දු පහක් හතරේ සීමාවෙන් එපිටට යොමු කර තිබුණා.

කොදෙව් පරාජය පමා කරමින් එක් අන්තයක හුදකලා සටනක නිරත වූ නිරුක්මාන් බොනර්ගේ උත්සාහය අපතේ හරිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස වේග පන්දු ‍යවන ක්‍රීඩක ශැනොන් ගේබ්‍රියල් ලකුණු ලබාගන්නට පෙර ම දවාගන්නට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම සහමුලින් ම ශ්‍රී ලංකා දඟ පන්දුවේ අණසකට යටත් වී තිබුණා.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 46කට කඩුලු 5ක් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවාගත්තේ, ලකුණු 64ක් ප්‍රතිවාදින්ට ලබා දෙමින්.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 28කට කඩුලු 1යි.

Related posts

ප්‍රබල ඉන්දියාවට දිනන්න නොදී ඇෆ්ගනිස්ථානුවන් ආසියානු කුසලානයේ ඊයේ තරඟයේදී සිදුකළ පෙරළිය

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම බර එසවීමේ ඉසව්වකින්

Mohamed Dilsad

Leave a Comment