විදෙස්

OMICRON තවත් රටකට ඇතුළු වෙයි

(UTV | කොළඹ) – මේ වන විට හදුනාගෙන ඇති භයානකම කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් (OMICRON) ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සදහන් කළේ එසෙක්ස් සහ නොටින්හැම් යන ප්‍රදේශ වලින් එම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි.

ඔවුන් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

නව කොවිඩ් ප්‍රභේදය රටතුළට ඇතුල් වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමට එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගෙන ඇත.

Related posts

ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් අද මැදියමේ සිට

Mohamed Dilsad

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

Mohamed Dilsad

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

Mohamed Dilsad

Leave a Comment