දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමේ සූදානමක් නැහැ

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.

වසර 52ක් පැරණි තාක්ෂණයක් මෙම පිරිපහසුවේ තිබෙන බැවින් විකිණීමකට ඉල්ලුමක් ඇති වන බවට තමා නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් අද (01දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඉන්දන මිල සංශෝදනය නොකිරීම හේතුවෙන් මෙම වසරේ පළමු මාස 10 තුල පමණක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව කෝටි 7,000ක් පාඩුවක් ලබා තිබෙන බව එම අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

Related posts

දේශපාලන වුවමනා මත අස්වැසුම ලබානොදෙන බව රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මහනුවර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්වලට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment