ගොසිප්

ඔමික්‍රෝන් ලංකාවටත්..?

(UTV | කොළඹ) – ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බවට තවදුරටත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේ, සෙසු රටවලට සාපේක්ෂව මෙරට එම වෛරසය පැමිණීම ප්‍රමාදවිය හැකි බවය.

“මේ ගැන ස්ථීර වචනයක් කියන්න බෑ. මොකද ඒ පිළිබඳ අපිට නිශ්චිත තොරතුරු නැති නිසා. නමුත් අපිටත් අනුමාන කරන්න පුළුවන් මේ වනවිට ලෝකයේ විවිධ රටවල පැතිරිලා තියෙන තත්ත්වය දිහා බලන කොට ලංකාවට කොහෙත්ම ඇවිල්ලා නැහැ කියන වචනය කාටවත් කියන්න බැහැ. නමුත් ලංකාවට කෙලින්ම අති විශාල ජනතාවක් දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන්නේ නෑ. ඒ නිසා අනිත් අයට වඩා සමහරවිට ප්‍රමාද වෙන්න පුළුවන්. අපි විශ්ලේෂණය කරන්නේ සාම්පලයක් අරගෙන පමණයි. ඒ නියැදියට හසුවෙන තරමට මේ ප්‍රභේදය පැතිරෙන තෙක් අපිට අහුනොවෙන්න ඉඩ තියෙනවා.”

Related posts

කොරෝනාවෙන් මඩිය තර කරගන්නා පෞද්ගලික රෝහල්

Mohamed Dilsad

නූලෙන් බේරුණු ලෝක බලවතා [VIDEO]

Mohamed Dilsad

රැඳවියෙකුගේ ගුද මාර්ගයෙන් සොයාගත් දුරකථනය

Mohamed Dilsad

Leave a Comment