දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතා පැවසුවේ, කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී ඇති බවය.

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 03ක පමණ කාලයක් ගතවනු ඇති බව සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.

මේ අතර ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටී.

විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ, තවත් පැය කිහිපයකින් එම කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවය.

අද (03) දහවල් 11.30ට පමණ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටුණි.

Related posts

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් IMF නිල නිවේදනය හෙට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116 දෙනෙක් ඉවත් කරලා.

Editor O

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment