ගොසිප්

නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය

(UTV | කොළඹ) – මත්පැන් අලෙවිය වෙසක් උත්සවයේදී තහනම් නම්, නත්තල් උත්සවයේදී ත් එය තහනම් විය යුතුව ඇතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

ආගම යනු සාද දැමීම හෝ මත්පැන් බී ජිවිත නාස්ති කර ගැනීම නොවන බව සඳහන් කළ කාදිනල් හිමියෝ, ආගම යනු උතුම් දෙයක් බව අවධාරණය කළහ.

කාදිනල් හිමිපාණෝ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති දේව මෙහෙයකට සහභාගි වෙමින් මේ බව පැවසූහ.

“සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල්වලට නත්තල් දවසට මත්පැන් විකිණීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕන.”

Related posts

එන සතියේ දී ලොක්ඩවුන් ඉවතට..

Mohamed Dilsad

තමන් මිය ගිය පුවත අසත්‍යක් බවට පාකිස්තාන ක්‍රිකට් තරුවකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පෙන්ගුයින් ට තර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment