දේශීය

බූස්ටර් එන්නත ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවයි

(UTV | කොළඹ) – මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ අධි මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් 185,888 දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබාදීමත් සමගයි.

මේ දක්වා තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2,058,791ක්.

පළමු සහ දෙවන මාත්‍රා දීමෙන් මේ දක්වා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව 13,803,820ක්.

මේ දක්වා භාවිතයට ගෙන ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 31,826,900ක් බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

Related posts

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා – කංචන විජේසේකර

Mohamed Dilsad

විදුලි බිල අඩු කිරීම තව කල් යයි

Editor O

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment