දේශීය

ලබන සතියේ දිස්ත්‍රික්ක පහක වෛද්‍යවරුන් වර්ජනයේ

(UTV | කොළඹ) – ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සඳු දා දිස්ත්‍රික් 05ක රෝහල් තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ඊට අදාළ මධ්‍යම කාරක සභා සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි.

මේ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ ගැටලුවට අද දින තුළ විසඳුමක් නො ලැබුණහොත් මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ නුවරඑලිය යන දිස්ත්‍රික් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

Editor O

බස් රථවල මගීන් ආසන ගණනට පමණක් ප්‍රවාහණය කිරීමට නීතියක්

Mohamed Dilsad

Leave a Comment