ක්‍රීඩා

ලහිරු කුමාර ට ලසිත් මාලිංග ගෙන් උපදෙස්

(UTV | කොළඹ) – LPL තරඟාවලියේ කළම්බු ස්ටාර්ස් හා කැන්ඩි වෝරියර්ස් අතර තරගයේදි වැඩි කතාබහට ලක්වු ක්‍රීඩකයෙකු බවට පත්වුනේ වේග පන්දු ‍යවන ක්‍රීඩක ලහිරු කුමාර.

අවසන් පන්දුවාරයේදි ලකුණු 16 ක් ලබා ගත යුතුව තිබියදි ලහිරු කුමාර යැවු මුල් පන්දු 3 දි 6 පහර 3 ක් ලබා ගැනීමට සික්කුගේ ප්‍රසන්න සමත් වුනා.

මෙම දැවැන්ත ප්‍රහාරයත් සමග වේග පන්දු ‍යවන ක්‍රීඩක ලහිරු කුමාර සංවේදිව ක්‍රීඩාගාරය වෙත යන අයුරු දක්නට ලැබුනා.

මෙවැනි ප්‍රහාරයකට ලක්වු ක්‍රීඩකයෙකු මානසිකව ඇදවැටීම සාමාන්‍ය ස්වභාවයක් වුවත් ලහිරු කුමාරට T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු තරගයේදි ද මෙවැනි අත්දැකීමකට මුහුණපෑමට සිදු වුනා.

මෙවැනි ත්ත්වයකදී ක්‍රීඩකයෙකු මානසිකව වගේම දක්ෂතාව අතින් සවිමත් වීම අතිශය වැදගත් වනවා.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු ‍යවන ක්‍රීඩක ලසිත් මාලිංග හා ලහිරු කුමාර අතර යම් සංවාදයක් ඇතිවු බවට සාක්ෂියක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුනා.

ලහිරු කුමාර ගේ පුද්ගලික කළමණාකරු වන අසංක විජේවර්ධන ගේ Facebook ගිණුම තුළ ලහිරු කුමාර හා ලසිත් මාලිංග සාකච්ඡාවක නිරත වන ජායාරූපයක් පළ කර තිබුනා.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි රැදී සිටින ලසිත් මාලිංග හා ලහිරු කුමාර අතර පැයක පමණ කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදි ලහිරු කුමාර ට ලසිත් මාලිංග ඉනිමක අවසානයේ පන්දු ‍යැවිය යුතු ස්වභාවය ගැන උපදෙස් රැසක් ලබාදි ඇති බවයි වාර්තා වන්නේ.

ලහිරු කුමාර මෙම තරග දෙකේදිම සිදුකළ වැරදි ලසිත් මාලිංග පෙන්වා දී තිබෙනවා.

එම වැරදි වලින් මිදි අවසන් පන්දුවාර වලදි පන්දු ‍යැවිය හැකි උපක්‍රම ගැනත් ලසිත් ලහිරු කුමාර ට උපදෙස් ලබා දි ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි වහාම ලසිත් මාලිංග ලහිරු කුමාරට පුහුණු සැසි කිහිපයක් පැවැත්වීමට ද එකග වි තිබෙනවා.

හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වු ලසිත් මාලිංග සැළකෙන්නේ ලෝකයේ බිහිවු විශිෂ්ටතම ඉනිම අවසානයේ පන්දුවාර යවන්නෙකු ලෙසයි.

Related posts

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

ක්‍රීඩා දේශපාලනයක් ගැන මහින්දානන්ද කියයි

Mohamed Dilsad

ආසියානු කුසලාන, ශ්‍රී ලංකාව සහ බංගලදේශය අතර 20-20 පළමු තරඟය අද

Editor O

Leave a Comment