දේශීය

න්‍යෂ්ඨික අවි තහනම් ගිවිසුමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – න්‍යෂ්ඨික අවි තහනම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාවද අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රටවල් 122 ක සහාය ඇතිව 2017 වසරේ ජූලි 07 වනදායි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මෙම ගිවිසුම සම්මත කරගනු ලැබුවේ.

ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

අදාළ ගිවිසුමට සහභාගී වන රාජ්‍යයන්ට න්‍යෂ්ඨික අවි හෝ වෙනත් න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සංවර්ධනය – පරීක්ෂා කිරීම් – ගබඩා කිරීම් වැනි දෑ සඳහා අවසර හිමිවන්නේ නැහැ.

Related posts

PHI මධ්‍යම විධායක සභාව රැස්වීම අද පස්වරුවේදී

Mohamed Dilsad

බදු සහන ජනතාවට නොදෙන ආයතනවලට නීතිමයෙන් පියවර

Mohamed Dilsad

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හදපු 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment