ප්‍රමුඛ පුවත 1

සයිටම් පිලිබඳ රජයේ තීන්දුව

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම ස්ථාවරය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නිවේදනය මඟින්, මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

වෛද්‍ය උපාධියට අදාල අවසන් පරීක්ෂණය සමත් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්ය කර ඇති බවද  නිවේදනයේ සඳහන් වෙයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාල රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් ඒ සඳහා අලුතින් සිසුන් බදවා ගැනීම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අත්හිටුවිය යුතු බවටද එමඟින් සඳහන්ය.

මේ අතර නවීන පහසුකම්වලින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට ද රජය තීරණය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තවද වෛද්‍ය අධ්‍යාපනය හැදැරීම සඳහා නියමිත අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීමටද රජය තීරණය කර තිබේ.

එමෙන්ම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමට සූදානම් බවයි අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාල ආයතනවලට උපදෙස් ලබාදීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර රජයේ වෛද්‍ය පීඨ සඳහා බදවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නැංවීය යුතු බවත් නව වෛද්‍ය පීඨ ඇරඹීම රජයේ ස්ථාවරය බවත් මෙම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

Related posts

නොරොච්චෝලය යතා තත්ත්වයට

Mohamed Dilsad

මංජුගේ ගෝලයින් තිදෙනෙක් අල්ලයි..

Mohamed Dilsad

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය අද විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment