දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි බල අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියාව සිදු කර යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තුරු දින කිහිපයක් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති බවයි.

සවස හයත් පස්වරු රාත්‍රී 9.30 අතර කාලයේදී මෙම විදුලි කප්පාදුව අවශ්‍යතාවය මත සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ මෙම දෝෂය හටගෙන ඇති ජනන යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදු වන බවයි.

එමගින් විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසුවා.

තවත් වසර 5-6 කාලයක් වත් නොරොච්චෝලේ යන්ත්‍රය මෙසේ අක්‍රීය වනු ඇති බවත් එය නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම දැනට පවතින අලුත්වැඩියාව කටයුතු කොපමණ දින ගණනකින් අවසන් වේ දැයි නිශ්චිතව කිව නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

Related posts

සෞඛ්‍ය නීති කඩන බස් රථ ගැන ඉදිරියේදී වැඩි අවධානයක්

Mohamed Dilsad

අද මෙතෙක් නව ආසාදිතයන් වාර්තා වී නැහැ

Mohamed Dilsad

සංචාරකයින්ට රට තුළ ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment