දේශීය

කොවිඩ් හමුවේ වැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට නත්තල අරුත් ගැන්වීම ඔබට භාරයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිඳවැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට මෙන්ම බලාපොරොත්තුවේ සුබ ප්‍රාර්ථනාවන් තුළින් නත්තල අරුත් ගැන්වීම ඔබට භාරවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ, නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැප කළේ, සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මොලොව නිර්මාණය කිරීම උදෙසා බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, එම දර්ශනය නිසි ලෙස හඳුනාගෙන අධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීම තුළ සෑම කිතුණුවෙකුගේම ජීවිත ආලෝකමත් වන බවයි.

Related posts

හොර ආදායම් බලපත්‍ර හැදූ පුද්ගලයෙක් කොටුවෙයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

Mohamed Dilsad

විදුලි කැපීමක් අත ළඟ

Mohamed Dilsad

Leave a Comment