දේශීය

ජනපති දළදා වහන්සේ වැඳ පුදාගනී

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ.

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

Related posts

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

Mohamed Dilsad

කොළඹට දුම්රියෙන් පැමිණීමට 2800 ක් ඉල්ලුම්කලත් පැමිණ ඇත්තේ 997 යි

Mohamed Dilsad

තෙවන පාර්ශවයක පරීක්ෂාවකින් පසුවත් චීන පොහොර ලබා ගැනීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment