දේශීය

අවුරුදු 12-15 අතර ළමුන් එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

(UTV | කොළඹ) – වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයට පෙර වයස අවුරුදු 15-19 අතර ළමුන් සදහා වන එන්නත්කරණය සිදු කෙරිණි. එයට අමතරව වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සදහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කල අතර, 30,000 ක පමණ ළමුන් පිරිසක් එ් තුල එන්නත්කරණයට ලක් කෙරුණි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සදහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ. එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Related posts

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් හදනවා – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

දහම් පාසැල් යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment