දේශීය

කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක්

(UTV | කොළඹ) – වෙළඳපොල තුළ පවතින ආනයනික කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ, ඩොලර් හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.

කෙසේ වෙතත්, මේ මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව ඔහු සඳහන් කළා.

පසුගිය මස 31 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.

මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345කට අලෙවි වන අතර, කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 540කට යි.

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

RMV ගනුදෙනු සඳහා කාඩ්පත් පහසුකම්

Mohamed Dilsad

අද සිට විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

Leave a Comment