ගොසිප්

කට නිසානේ ඔක්කොම නහින්නේ

(UTV | කොළඹ) – “කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කළොත් කිසි ප්‍රශ්නයක් නෑ. මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා” යැයි අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ යෝජිත අනුරාධපුර, තලාව තම්මැන්නාව පරිසර උයනේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය.

“සාමාන්‍යයෙන් රජයක් ඇතුලේ රජයට විරුද්ධව යනවා නම් මොනවාද කරන්න ඕන එහෙම දෙයක් වෙන්න ඇති. ඒ ගැන අපි කණගාටු වෙනවා. අපේ සහෝදරයෙක්, ඉස්සර ඉඳන්ම අපේ පාර්ලිමේන්තුවේ හිටියා අනූ ගණන්වල ඉඳන්, සාමාන්‍යයෙන් ඉතින් ඕක තියෙන්නේ ඇතුලේ ඉන්න කොට කට පරිස්සම් කර ගන්න එක තමයි හොඳම දේ.

මේක ඇහුවාමත් මගෙන් මොනවා හරි කියවුණොත් ප්‍රශ්නයක් වෙනවා. කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කලොත් කිසි ප්‍රශ්නයක් නෑ,මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා.

කැබිනට් සංශෝධනය ගැන මමත් අද උදේ පත්තරෙන් දැක්කේ. කැබිනට් සංශෝධනය කොතන්ට යනවාද කියලා මම දන්නෙත් නෑ. ඒ්ක ඒහෙම් පිටින්ම නැති වෙයිද දන්නෙත් නෑ, රටට වැඩක් කරන්න ඇමතිකම නෙමෙයිනේ ප්‍රශ්නය තියෙන්නේ,තනතුර කොතන තිබුණත් එකට ඉන්නවා නම් අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි,එහෙම නැතිව පරස්පරව එකට එක කථා කරගෙන කටයුතු කලොත් අපිට ගමනක් යන්න බෑනේ” යැයිද පැවසීය.

Related posts

එජාපයේ තනතුරු වල වෙනසක්

Mohamed Dilsad

අගමැතිගේ පුතුන් තුන්දෙනා ඩුබායි ගිහින් ද?

Mohamed Dilsad

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment