දේශීය

රට ඉඳන් එන ලාංකිකයින්ට කොවිඩ් එන්නත දෙන්න ගුවන් හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට කොරෝනාවෛරස ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සිදු කෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ අනුව අද (07) සිට පළමු, දෙවන සහ තුන්වන එන්නත් මාත්‍රා ත්‍රිත්වය ලෙස ෆයිසර් එහිදී ලබාගත හැකි බව ය.

එම වැඩසටහන සඳහා දිනපතා පැය 24 ම ක්‍රියාත්මක වන කොවිඩ්-19 එන්නත් මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපනය කර ඇති බව ඔහු පැවසී ය.

ඒ අනුව, මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට එහිදී එන්නත් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

කෙසේ වෙතත්, එන්නත් ලබා ගැනීම සඳහා කිසිවෙකුට ත් බලකිරීමක් සිදු නොකරන බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.

Related posts

CEYPETCO ඉන්ධන මිල ඉහළ යන ලකුණු

Mohamed Dilsad

සපුගස්කන්ද ගැටළු නිවැරැදි කෙරේ

Mohamed Dilsad

සල්ලි දුන්නොත් ඡන්දෙ තියෙනවා ද? – පැෆ්රල්

Mohamed Dilsad

Leave a Comment