දේශීය

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් අදාළ සියලුම රාජකාරි වලින් ඉවත් වී අද (13දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුර ගමන් සේවා කලින් ආසන වෙන් කල දුම්රියන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්‍යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම,රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී කරුණු රාශියක් පදනම් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වු බව ඔහු පැවසීය.

මෙම ගැටලු විසඳා ගැනීමේ මුලික පියවර ලෙස සාකච්ඡා වට හයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමගත් අමාත්‍යංශ සමග සාකච්ඡා වට දෙකකුතත් පැවැත්වු බව ඔහු පැවසීය.

නිලවශයෙන් කරණ එකී සාකච්ඡා වලදි ගනු ලබන තීන්දු තීරණ මෙතෙක් ක්‍රියාවට නැගී නැති බව ඔහු පැවසීය.
ඔහු පැවසීය.

පසුගිය සාකච්ඡා වලදී ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අදාල අංශ වෙත යොමුකොට ඇති බව සඳහන් කළ ඒ මහතා ඉදිරි පියවර ගැන සාකච්ඡාවක් එම සංගමය විසින් ඉල්ලුවහොත් එය ලබා දී ගැටලු විඳීමටත් මගී ජනතාව අපහසුවට පත්වීම වළකාලීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ජනාධිපති අනුරගේ පොහොර සහ ඉන්දන සහනාධාර, වහාම නතර කරන ලෙස මැතිවරණ කොමිෂමෙන් නියෝගයක්

Editor O

ජනාධිපතිවරණ දිනය තීරණය කර අවසන්

Editor O

Leave a Comment