දේශීය

රටවල් 194 ක් අතරින් ලංකාව එන්නත්කරණයෙන් 03 වන ස්ථානයට

(UTV | කොළඹ) – ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් 03 වන ස්ථානයට ඊයේ දිනය වනවිට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසනවා.

එය රටක් ලෙස ජනතාවට මෙම සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

උපරිම එන්නත්කරණය තුලින් රටෙහි ජනතාව ජීවිත අවදානමෙන් බේරා ගැනීම රජයේ ඉලක්කය බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාලව පියවර ගණනාවක් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින අතර යම් යම් ගැටළු හදුනා ගනිමින් අවශ්‍ය විසදුම් වලට ප්‍රමුඛතාවය ලබාදිම සදහා අරමුණු කර ගනිමින් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

Editor O

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට යයි

Mohamed Dilsad

Leave a Comment