දේශීය

අද දිනය තුළ විදුලිය නොකපන බව CEB කියයි

(UTV | කොළඹ) – අද (15) දිනය තුළ විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, හදිසි බිඳ වැටීමක් සිදු නොවුණහොත් අද දිනය තුළ අඛණ්ඩව විදුලි සැපයුම පවත්වා ගෙන යා හැකි බව ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් විදුලි උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රින් ටොන් 3,000ක ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් මෙලස අද දිනය තුළ විදුලි සැපයුම අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්

Editor O

ඔමික්‍රෝන් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Mohamed Dilsad

රේගු කරුණු ගැන අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment