ක්‍රීඩාදේශීය

ජොකොවිච්ට ඔස්ට්‍රේලියානු විවෘත ශුරතා සිහිනය නැතිවෙයි

(UTV |  මෙල්බර්න්) – ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා පැමිණි මේ සුපිරි ක්‍රීඩකයා එරටට ඇතුළුවීමේදී සම්පූර්ණ කළයුතු පත්‍රිකාවේ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර තිබීම මීට හේතුවයි.

ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාව නව වරක් ජයග්‍රහණය කර ඇති ජොකොවික් හට මෙම තීරණයත් සමග දහ වන වතාවටත් මෙම කිරුළ ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමි වෙනවා.

ඔස්ට්‍රේලියානු පංච පුද්ගල ෆෙඩරල් අධිකරණයක් මගින් මෙම තීරණය ලබා දීම හේතුවෙන් එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ජොකොවිච් හට හිමි වන්නේ නැහැ.

ඒ අනුව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා එහි රැඳී සිටීමට දැරූ අවසන් ප්‍රයත්නයද අද අසාර්ථක වුණා.

ඒ, ඕස්ට්‍රේලියානු පෙඩරල් අධිකරණය මගින් ජොකොවිච්ගේ වීසා අවලංගු කිරීමට එරට සංක්‍රමණික අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තහවුරු කිරීමත් සමඟයි.

සිය දසවන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලි ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි ජොකොවිච් එරට සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවූයේ ඔහු කොරෝනා එන්නත්කරණය නොලැබූවෙකු නිසයි.

කෙසේ නමුත් ඔහුට වීසා ලබාදීමට මෙල්බර්න් අධිකරණය තීන්දුවකට පැමිණ තිබුණා.

ඉන් පසුවයි එරට සංක්‍රමණික අමාත්‍ය ඇලෙක්ස් හෝක් සිය බලතල යොදාගනිමින් ජොකොවිච්ගේ වීසා අවලංගු කිරීමට පියවර ගත්තේ.

පෙඩරල් අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ඒකමතිකව තීරණය කළේ එම තීරණය නීත්‍යානුකූල බවටයි.

ඒ අනුව ජොකොවිච්ට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි 21 ක් ජයග්‍රහණය කරමින් ටෙනිස් ඉතිහාසයේ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව මෙන්ම, වසර 3 ක් යනතුරු ඕස්ට්‍රේලියාවට පැමිණීමේ අවස්ථාවද අහිමිවනවා.

Related posts

මෛත්‍රීගේ සහය විජයදාස ට

Editor O

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින් උපවාසයක

Mohamed Dilsad

Leave a Comment