දේශීය

තෙල් අර්බුදය කළමනාකරණයට යෝජනාවලියක්

(UTV | කොළඹ) – මේ වනවිට ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර තිබෙනවා.

පාසල් සතියකට එක්දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත්, වාහන තදබදය අඩු කරගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇති බවයි වාර්තාවන්නේ.

ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කරන ඇමතිවරයා කොළඹට එන වාහන සීමා කළ යුතු බවටද දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය ආයතනවල රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත්, ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවීම සීමා කරන ලෙසත් යෝජනා කර ඇති ගම්මන්පිල අමාත්‍යවරයා, වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය ආයතනවලට නියම කරන්නැයි ද ඉල්ලීමක් කර ඇති බවයි වාර්තාවන්නේ.

වානිජ බැංකුවට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් මහ බැංකුවට ගෙන ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතනවලට ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛන්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා විනෝද ගමන්, නෑදෑයන් හමුවීම, ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීමද ඉන්ධන භාවිතය වැඩිවීමට හේතුවී ඇති බව පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට පෞද්ගලික වාහන භාවිතය වැඩිවීමද ගෑස් හිඟය හේතුවෙන් භූමිතෙල් භාවිතය ඉහළ යාමද ඉන්ධන භාවිතය ඉහළ යෑමට බලපා තිබෙනවා.

මේ අතර ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති විදුලි ගැටලුව කළමනාකරණය කරගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ද යෝජනාවලියක් රජයට ඉදිරිපත් කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Related posts

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

Mohamed Dilsad

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

Mohamed Dilsad

ඉතාලියෙන් පැමිණ නිරෝධායනය නොවූ අය පිළිබඳව පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment