දේශීය

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

(UTV | කොළඹ) – කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන වල මිල ඉහල බැවින් එය ඔවුන්ව අපහසුතාවයට පත් කරයි. “Free to Flow” ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රට පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 15 ත් 40 ත් අතර කාන්තාවන් සඳහා නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා කට්ටලයක් නොමිලේ බෙදා හැරීමයි.

මෙය වසර එකහමාරක් පමණ කාලයක් භාවිතා කිරීමට හැකි අතර නැවත භාවිතා කළ හැකි තුවා අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල වන අතර කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කරයි. මෙහි නිෂ්පාදන පිරිවැය රුපියල් 280 ක් පමණ වෙයි. වර්තමානයේ බොහෝ වාණිජ පෑඩ් මිල අධික වන අතර 53% පමණ බද්දක් අයකරයි.

පැකට්ටුවක මිල රු. 500 සිට රු. 900 අතර අගයක් ගනියි, සහ ආසාදන අවදානම සඳහා සෑම පැය හතරකට වරක් පෑඩයක් වෙනස් කළ යුතු බැවින්, එක් කාන්තාවක් හට ඔසප් චක්‍රයක් සදහා පැකට් දෙකත් තුනක්ත් අතර ප්‍රමානයක් භාවිතා කිරීමට සිදු වීම, එය සැලකිය යුතු වියදමක් බවට පරිවර්තනය කරයි, විශේෂයෙන් දෛනික ආදායම් ලබන සහ කාන්තාවන් එකකට වඩා සිටින නිවාස සඳහා මෙය විශාල වියදමක් වෙයි.

මල්ෂා කුමාරතුංග – free to flow නිර්මාතෘ:
“මම මේ පුණ්‍යායතනය ආරම්භ කළා. ලංකාව බොහෝ පැතිවලින් ඉදිරියට ආවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පසුබෑමක් මම දැක්කා. කාන්තාවන් සඳහා සාධාරණ සෞඛ්‍ය පහසුකම් සැපයීමක් සිදු නොවන බව මට හැඟේ. අපි මේ පදනම ආරම්භ කළේ කාන්තාවන්ට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සඳහායි.”

“එය පරිසර හිතකාමී සහ දිගු කල් පවතින දෙයක්. මේ දවස්වල පරිසර හිතකාමී වෙන්න උනන්දු වෙන පිරිස් අපි දකිනවා. මෙය සෑම තැනකම කසළ ගොඩ නොගැසීමට උපකාරී වේවි. දිගු කල් පවතින සනීපාරක්ෂක තුවායක් ලබාදීම අපගේ ප්‍රධාන අරමුණයි. මේ පෑඩ් පැකට් එක ඇතුලේ දෙකක් තියෙන අතර උපදෙස් පත්‍රිකාවක් මේ සමඟ සපයනවා. යට ඇඳුම් මතට ක්ලිප් කල හැකි ආකාරයට මෙය නිෂ්පාදනය කර තිබෙනවා. අපි සෙට් දෙකක් සපයන බැවින් කාන්තාවන්ට එය මාරු කරමින් පැළඳිය හැකිය.”

ගයත්‍රී මෝහන් – නීතිඥ:
“අපිට පුළුවන් මේ නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට නොමිලේ දෙන්න. ආර්ථික වශයෙන් අවාසි සහගත ප්‍රජාවන් සඳහා. ඔසප් සනීපාරක්ෂාව සෑම කාන්තාවකගේම මූලික අයිතිවාසිකමක් ලෙස අප පිළිගෙන ඇත. සෑම කාන්තාවක්ම ඔසප් සනීපාරක්ෂාව සඳහා ප්රවේශ විය යුතුය. නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා එකක් හදන්න රුපියල් 280ක් යනවා. තවද මෙය වසර එකහමාරක කාලයක් සඳහා නැවත නැවතත් භාවිතා කළ හැක.”

එස්. වී පුෂ්පකුමාරි- ගෘහණියක්:
“සනීපාරක්ෂක තුවා මිල ඉහළ ගිහින්. මෙම අධික මිල ගණන් හේතුවෙන් කාන්තාවන් අපහසුතාවට පත්ව ඇත. අපි හිතනවා මේක හොඳ විසඳුමක් වෙයි කියලා.”

Related posts

කොරෝනා ආසාධිතයන් 106 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment