දේශීය

සිමෙන්ති හිගයක් – හේතුව මාෆියාව

(UTV | කොළඹ) – ගතවූ දින 02 තුළදී සිමෙන්ති මෙට්‍රික් ටොන් 31,200 ක් දිවයිනට ගෙන්වා ඇතත් වෙළඳපොල තුළ තවදුරටත් හිගයක් පැවතීමට හේතුව මාෆියාවක් ක්‍රියාත්මක වීම බවට ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියේ වැඩි මිළට සිමෙන්ති අලෙවි කිරීම වළක්වාලීම සඳහා හැකිතාක් මිළ පාලනය පවත්වාගෙන යන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමගද සාකච්ඡා කර ඇති බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කියා සිටියේ.

Related posts

දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

මියගිය කළු කොටියාගේ සිරුර කෞතුකාගාරයේ තැන්පත් කිරීමට අවධානය

Mohamed Dilsad

‘ගෝඨාභයට රටට එන්න මේ හොඳ වේලාව නෙවෙයි’ – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment