දේශීය

රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැහැ : චන්න ජයසුමන

(UTV | කොළඹ) – පවතින තත්ත්වය තුළ රට වසා දැමීමට හෝ සංචාරක සීමා පැනවීමට කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිනෙන් දින ඉහළ යන COVID-19 රෝගීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පවතින තත්ත්වය හේතුවෙන් සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බවත් කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ බූස්ටරය ලබා ගැනීම කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමට ඉවහල් වන බව ඔහු ප්‍රකාශ කළේය.

Related posts

අද සිට පළාත් අතර දුම්රිය ධාවනයට අවසර

Mohamed Dilsad

වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

Mohamed Dilsad

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයන්ට

Mohamed Dilsad

Leave a Comment