දේශීය

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

(UTV | කොළඹ) – 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(07) ආරම්භ වෙයි.

විභාගය මාර්තු 5 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

විභාග මධ්‍යස්ථාන 2,438 කදී , මෙවර විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත් වන අයැදුම්කරුවන් ගණන 345,242 කි.

ඊට පාසල් අයැදුම්කරුවන් 279,141 ක් ඉදිරිපත් වේ.

පෞද්ගලික අයැදුම්කරුවන් 66,101 දෙනෙකු පෙනි සිටීමට නියමිත ය.

කොරෝනා වැළඳුණු අපේක්ෂකයින්ට දිස්ත්‍රික් මට්ටමින් වෙනම මධ්‍යස්ථාන 29ක් ද මෙවර ස්ථාපිත කර තිබේ.

මේ අතර නිරෝධායනයට ලක්ව සිටින විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන්නෙකු බව අදාළ ශාලාධිපති වෙත දැන්වීම අනිවාර්ය වේ.

ඉන් අනතුරුව එම අපේක්ෂකයින්ට විභාග ශාලාව තුළ ස්ථාපිත කර ඇති විශේෂ විභාග කාමරයක් තුළ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසෙනු ඇති.

කොරෝනා ආසාදිත හෝ නිරෝධායනය වන විභාග අපේක්ෂකයින්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අවධාරණය කළේ, මෙම සියලු විභාග මධ්‍යස්ථානවල ද විභාග නීති රීති ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, අද සිට මාර්තු මස 07 වැනිදා තෙක් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.

Related posts

ඉළංකෙයි තමිල් අරුස කච්චි සහාය අනුරට ද ? සජිත් ට ද ? තීරණය 15දා

Editor O

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

ලබන මස සිට සහන මිලට පොල් තෙල්

Mohamed Dilsad

Leave a Comment