Trending News

‘රටේ වාරි සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා දැවැන්ත ව්‍යාපෘති රැසක්’ජනපති කියයි

(උදයම්,පොළොන්නරුව)  – රටේ වාරි සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා දැවැන්ත ව්‍යාපෘති රැසක් රජය මේ වන විට කි‍්‍රයාවට නංවා තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තවත් විශාල වාරි ව්‍යාපෘතියක් වූ මාදුරුඔය දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු මෙම වසරේදී ආරම්භ කරන බව ප‍්‍රකාශ කළේය.එමෙන්ම අනුරාධපුර, පොළොන්නරුව කුරුණෑගල සහ තී‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කවල පැරණි වැව් 600 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙම වසරේදී කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා සදහන් කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ අද (15) පෙරවරුවේ අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අමතමිනි.

රජ රට ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් එම ජනතාවගේ ජල ගැටලූවට අද විසදුම් ලැබෙමින් පවතින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉදිරි මහ කන්නයේ දී ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමෙන් පසු යළිත් ජල අර්බුදයකට මුහුණදීමට රජ රට ජනතාවට සිදු නොවනු ඇති බව ද කියා සිටියේය. පසුගිය රජය සංදර්ශනාත්මක සංවර්ධනයක් රටට පෙන්වා මහා සංවර්ධනයක් ගැන කථා කළද ඒ තුළ තිබූ ණය බර අද රටක් ලෙස ඉදිරියට යාමේදී මතුව ඇති බරපතළම ගැටලූවක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

විදේශීය ණය බරින් රට නිදහස් කර ගනිමින්, රට සංවර්ධනය කරා ගෙනයාමට අද රජය පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇති බව සදහන් කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද එම වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ වේගවත්ව ඉදිරියට ගෙන යමින් ජනතාවට අවශ්‍ය ආර්ථික සංවර්ධනය උදා කර දෙන බව ද කියා සිටියේය.ආණ්ඩුව දුර්වල බව පවසමින් ආණ්ඩු පිහිටුවීමට අද ඇතැමුන් සිහින දකිමින් සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පසුගියදා ගෝල්ෆේස් පිටියේ පැවති මැයි දින රැළියෙන් පසු ආණ්ඩු පිහිටුවීමට ඇතැමුන් සිහින දුටුවත්, පිට්ටනියකට බස්වලින් ගෙන ආ ජනතාව අනුව ආණ්ඩු හැදීමට සිහින දකිනවානම් එය විහිළුවට කරුණක් බව ද කියා සිටියේය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන විට කළු කොඩි ඔසවන්නැයි පැවසූ ඇතැමුන් මහා රාති‍්‍රයේ ගොස් එතුමා හමු වූ බව තමාට දැන ගන්නට ලැබුණු බව ද ජනාධිපතිතුමා පැවසීය.මහවැලි ජනපදිකයින්ගේ උපන් බිමේ උරුමය තහවුරු කරමින් ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ වැඩසටහන යටතේ මහවැලි බී සහ සී කලාපවල ජනපදිකයින්ට ඉඩම් ඔප්පු දස දහසක් ප‍්‍රදානය කිරීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

2017 ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ආවරණය කරමින් ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍ය උපකරණ බෙදාදීමද මෙහිදී සිදු කෙරිණි.පාසල් සහ විහාරස්ථාන සදහා ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පෙරණ පද්ධති සහ ජල ටැංකි බෙදාදීම ද සිදු කෙරිණි.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, අමාත්‍ය දයා ගමගේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශී‍්‍ර නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

Three including teachers arrested for photographing ballot paper

Mohamed Dilsad

Stones pelted at former Minister Rishad’s convoy

Mohamed Dilsad

சுகாதாரம் தொடர்பான பிரச்சினைகளை அறிவிக்க புதிய தொலைபேசி இலக்கம்

Mohamed Dilsad

Leave a Comment